Arduino Part 1 (හැදින්වීම)


හරි යාලුවනෙ ඔන්න අද ඉදල අපි අලුත් වැඩක් පටන් ගන්නව මේ Blog එකෙන්. ඉතින් ඔයාල මේකට ගොඩක් කැමති වෙයි කියල හිතනව. එහෙනම් ඔයාල හැමෝම සාදරයෙන් පිලිගන්නව මගේ Blog එකට.
         හරි ඉතින් අපි කරන්න යන්නෙ Arduino ගැන. ඉතින් ගොඩක් අය දන්නවත් ඇති මේක ගැන. සරලවම කිව්වොත් මේවා පවිච්චි කරල අපිට කැමති රොබෝ කෙනෙක්, නැත්තන් ඔයාට ඔනි කරන මොකක් හරි System එකක් හරිම ලේසියෙන් හදාගන්න පුලුවන්. ඉතින් අද මම මේ ගැන විස්තර කරනව විතරයි. මේගැන වැඩි විස්තර බලන්න පුලුවන් ලින්ක් මම ඉස්සරහට දෙන්නම්. හරි දැන් අපි වැඩේට බහිමු.

ඉතින් මේක කියවගෙන යනකොට ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් අවොත් හරි ඔයාලට තියන වෙනත් ප්‍රශ්න හරි Comment කරන්න අමතක කරන්නත් එපා. මොකද ඒක ඔයාල මට කරන ලොකු උදව්වක්.

Arduino KIT එකක් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් විදියක් මම මේ Post එක අන්තිමට කියන්නම්.

හරි මම මුලින්ම Arduino කියන්නෙ මොකක්ද කියන්නම් මොක්ද මේ ගැන දන්නෙ නැති අයත් ඉන්නවනෙ.

Arduino කියන්නෙ Open source Platform එකක්. ඔයාල දන්නවනෙ
Open source කියන්නෙ මොකද්ද කියල. ඒකියන්නෙ මේක ඔනිම කෙනෙක්ට කැමති විදියකට වෙනස් කරගන්න අයිතිය තියනව. සරලවම කිව්වොත් එක. 

Arduino UNO Board

      ඉතින් මේ Arduino වලදි වෙන්නෙ මෙකයි. අපි හිතමු අපිට ඔනි කාගෙ හරි මූනක් දැක්කම එයාව අදුරගන්න පුලුවන් රොබෝ කෙනෙක් හදන්න කියල. ඉතින් අපි කරන්නෙ එකට ඕන උපකරණ ඔක්කොම හොයගෙන ඒවා සම්බන්ද කරන එකනෙ. හබැයි මේව සම්බන්ධ කරාට නිකන් වැඩ කරන්නෙ නැ මොකද ඒක දන්නෙ නෑ කරන්න ඔනි දේ. අන්න එතනදි තමයි Arduino ඕන වෙන්නෙ. අපේ රොබෝට Arduino එක සම්බන්ධ කරල එයා වැඩ කරන්න ඕනි කොහොමද කියන එක අපි Program එකක් හදල මේ Arduino එකට Upload කරනවා. එතකොට Arduino එකෙන් ඕන වෙලාවට ඕන කොටස් උපයෝගී කරගෙන මේ රොබෝව ක්‍රියාත්මක කරනව. 



ඔයාල දැනගන්න ඔනී තවත් වැදගත්ම දෙයක් තමයි. Arduino Board වලත් එක එක වර්ග තියනව. උදාහරණයක් විදියට කිව්වොත් Arduino UNO , Arduino NANO , Arduino MEGA වගේ තව ගොඩක් වර්ග තියනව.

      දැන් ඔයාලට පොඩි හරි අදහසක් ඇතිනෙ මේ ගැන. හරි දැන් අපි කරන්න යන්නෙ Arduino Board එකේ තියන කොටස් කිහිපයක් දැනගන්න.


1. Power USB 
          USB කේබල් එක මගින් විදුලිය ලබාදීම සහ Programs Upload කිරීමට බාවිතා කරයි.

2. Power (Barrel Jack)
වෙනත් උපකරණයකින් විදුලිය ලබා දීමට බාවිතා කරයි.

3. Main micro controller
Arduino හි සැකසුම් ඒකකයයි. වැඩසටහනට අනුව උපාංග පාලනය කරයි. 

4. Voltage Regulator
විදුලිය අවශ්‍ය ප්‍රමානයට වෙනස් කරීම සිදි කරයි. 

5. Digital I/O
සංඛ්‍යාංක ආධාන සහ ප්‍රතිදාන ලබා දෙයි. 

6. Analog pins
ප්‍රතිසම ආධාන ලබා දෙයි. 

7. Arduino Reset
වැඩසටහන මුල සිට ක්‍රියාත්මක කරවයි. 

>>වැඩි විස්තර සදහා Click කරන්න.<< 

ඉතින් මම මුලදි කිව්ව Arduino KIT එකක් ගන්න විදිය කියන්නම් කියල. හරි ඔයාලට පුලුවන් මම පහලින් දීල තියන Site එකට ගිහින් Arduino Learning KIT එකක් ගෙදරටම ගෙන්න ගන්න.


    ඉතින් අද අපි Arduino ගැන පොඩි විස්තරයක් දැනගත්තනෙ. ඊලග Post එකෙන් අපි තවත් වැඩි දුරට මේ ගැන අධ්‍යයන කරමු. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.